Posts

කෘෂිකර්මාන්තයේ නියැලෙන තරුන ඔබට

කරවිල වගාවකට උපදෙස්

ප්‍රභේද එම්.සී. 43 මධ්‍යම ප්‍රමාණයේ ලා කොළ පැහැති කරල් මතුපිට දත් වැනි නෙරුම් පිහිටා ඇත. තින්නවේලි සුදු තරමක් විශාල කරල් සුදු පැහැතිය. කරල් මතුපිට දිග අතට අඛණ්ඩව විහිදුන නෙරුම් ඇත. මාතලේ ග්‍රීන් මධ්‍යම ප්‍රමාණයේ තද කොළ පැහැති ඵල හටගනී. කරලේ මතුපිට අඛණ්ඩ දාර සහිතය. නීරෝගී නව දෙමුහුම් ප්‍රභේදයකි. ලා කොළ පාටය. කරලේ දිග සෙන්ටිමීටර් 30 පමණ වේ. කරලේ මතුපිට අඛණ්ඩ සුමට දාර සහිතයි.  දේශගුණික අවශ්‍යතා සහ පස මුහුදු මට්ටමේ සිට මීටර් 1200 පමණ උස් වූ ප්‍රදේශ දක්වා මෙය සාර්ථකව වගාකළ හැකිය. පස කාබනික ද්‍රව්‍ය බහුල, හොඳින් ජලය බැසයන පස් වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී.එච්.අගය 5.5 - 7.5 කි. සෙන්ටිමීටර් 20-30 ක් පමණ ගැඹුරට පස පෙරළා කැට පොඩිකර ගන්න. සෙන්ටිමීටර් 30x30x30 ප්‍රමාණයේ වළවල් නිසි පරතරයට සකසා දිරාපත් වූ කාබනික පොහොර හා මතුපිට පස් වලින් පුරවන්න. හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 6 කි. පරතරය මීටර් 1.5 x මීටර් 1 සිටුවීම මහ - ඔක්තෝම්බර් - නොවැම්බර් මාස වලදී යල - අප්‍රේල් - මැයි මාස වලදී එක් වළක බීජ 3 බැගින් සෙන්ටිමීටර් 2 - 3 ක් ගැඹුරින් සිටුවනු ලැබේ. බීජ යෙදීම

දෙලුම් වගාව සාර්තක කරගමු

සාර්තක පැපොල් වගාවක් සදහා