කරවිල වගාවකට උපදෙස්



ප්‍රභේද

එම්.සී. 43


මධ්‍යම ප්‍රමාණයේ ලා කොළ පැහැති කරල් මතුපිට දත් වැනි නෙරුම් පිහිටා ඇත.
තින්නවේලි සුදු


තරමක් විශාල කරල් සුදු පැහැතිය. කරල් මතුපිට දිග අතට අඛණ්ඩව විහිදුන නෙරුම් ඇත.
මාතලේ ග්‍රීන්
මධ්‍යම ප්‍රමාණයේ තද කොළ පැහැති ඵල හටගනී. කරලේ මතුපිට අඛණ්ඩ දාර සහිතය.
නීරෝගී


නව දෙමුහුම් ප්‍රභේදයකි. ලා කොළ පාටය. කරලේ දිග සෙන්ටිමීටර් 30 පමණ වේ. කරලේ මතුපිට අඛණ්ඩ සුමට දාර සහිතයි.
 දේශගුණික අවශ්‍යතා සහ පස
මුහුදු මට්ටමේ සිට මීටර් 1200 පමණ උස් වූ ප්‍රදේශ දක්වා මෙය සාර්ථකව වගාකළ හැකිය.
පස
කාබනික ද්‍රව්‍ය බහුල, හොඳින් ජලය බැසයන පස් වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී.එච්.අගය 5.5 - 7.5 කි.
සෙන්ටිමීටර් 20-30 ක් පමණ ගැඹුරට පස පෙරළා කැට පොඩිකර ගන්න.
සෙන්ටිමීටර් 30x30x30 ප්‍රමාණයේ වළවල් නිසි පරතරයට සකසා දිරාපත් වූ කාබනික පොහොර හා මතුපිට පස් වලින් පුරවන්න.
හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 6 කි.
පරතරය
මීටර් 1.5 x මීටර් 1
සිටුවීම
මහ - ඔක්තෝම්බර් - නොවැම්බර් මාස වලදී යල - අප්‍රේල් - මැයි මාස වලදී එක් වළක බීජ 3 බැගින් සෙන්ටිමීටර් 2 - 3 ක් ගැඹුරින් සිටුවනු ලැබේ.
බීජ යෙදීමේදී බීජ අතර තරමක පරතරයක් තිබිය යුතුය. බීජ පැළවී සති 2 ක් ගතවූ පසු එක් වළක පැළ 2 බැගින් ඉතිරිකර ඉතිරි පැළය ගලවා දමන්න. බීජ සිටුවීමට පෙර රැයක් ජලයේ පෙඟවීමෙන් ප්‍රරෝහණය ඉක්මන් කර ගත හැකිය.
මෙයට අමතරව කුඩා පොලිතීන් බඳුන්වල බීජ සිටුවා සකසා ගන්නා පැළ සිටුවීම ද කළ හැකිය. මෙමඟින් අයහපත් කාලගුණික තත්ත්ව යටතේ බීජ සිටුවීමෙන් සිදුවිය හැකි හානි වළකි.
වැල් පුහුණු කිරීම
බීජ සිටුවා සති 3 පමණ ගතවූ පසුව මීටර් 2 ක් පමණ උස ශක්තිමත් මැස්සක් (පන්දලමක්) වෙත වැල් යොමු කරන්න.
පන්දලමට පහළින් වැලෙහි හට ගන්නා පාර්ශ්වික අංකුර ඉවත් කරන්න.
පොහොර යෙදීම
වළවල් සැකසීමේදී යෙදූ කාබනික පොහොරවලට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොර ද වගාවට යොදන්න.
ජල සම්පාදනය
වගාවට ප්‍රමාණවත් වන පරිදි පසෙහි තෙතමනය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථවාලදී ජල සම්පාදනය කරන්න. පසෙහි අනවශ්‍ය පරිදි ජලය එක් රැස්වීම වගාවට අහිතකරය. වියළි කාලවලදී වැල් අවට වසුනක් යෙදීමෙන් පස ඉක්මණින් වියළී යාම වළකී.
යෙදිය යුතු කාලය
යූරියා කි.ග්‍රෑ/ හෙක්.
ත්‍රිත්ව සුපර් පොස්පේට් කි. ග්‍රෑ/
හෙක්. මියුරියේට් ඔෆ් පොටෑෂ් කි. ග්‍රෑ/ හෙක්.
මූලික පොහොර
75
200
60
පැළ මතුවී සති 4 පසු
75
-
60
පැළ මතුවී සති 8 පසු
75
-
60

වල් පැළෑටි පාලනය
පැළ කුඩා කාලයේදී වළවල් අසල වල් පැළ උදුරා දමන්න. වගාවේ පසු කාලයේදී මුල් වලට හානි නොවන පරිදි වල් පැළ උදළු ගා ඉවත් කරන්න.
හොඳින් වැඩී මෝරා ඇති අවස්ථාවේ කරල් නෙළාගන්න. වගාවට දින 60 - 75 වූ විට පළමු අස්වැන්න ලැබේ. ඉන්පසු දින 4 කට පමණ වරක් බැගින් අස්වනු වාර 10 - 14 පමණ ලබාගත හැකිය.

Comments