අර්තාපල් 1 කොටස


දකුණු ඇමරිකාවේ අන්දිස් කඳුවැටිය නිජ බිම කර ගත් අර්තාපල්, සොලනේසීය(Solnaceae) කුලයට අයත්, සොලනම් ටියුබරෝසම්(Solanam tuberosum) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අර්ථික සහ දේශපාලන ලෙස ප‍්‍රධාන තැනක් ගන්නා බෝගයකි. මායා හා ඉන්කා ජාතීන් විසින් ආහාර බෝගයක් ලෙස ලොවට හඳුන්වා දුන් අර්තාපල්, යුරෝපීය ජාතිකයකු වන සැමුවෙල් බේකර් විසින් ක‍්‍රි:ව: 1850 දී ලංකාවට හඳුන්වා දෙන ලදී.

මෙම බෝගය ක‍්‍රි:ව: 1951 - 1952 කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රහංගල පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානයේදී විශාල වගාවක් ලෙස ආරම්භ කළත්, නිසි වගා ක‍්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් රෝග හා පළිබෝධ හානියට පත‍්‍රවිය.
නැවත වරක් ක‍්‍රි:ව: 1959 සහ 1961 දී
‘‘සම්ලාභි” අර්තාපල් පර්යේෂණ ආයතනයෙන් සහ බටහිර ජර්මනියෙන් මෙරටට පැමිණි විශේෂඥයින්ගේ මගපෙන්වීම යටතේ අර්තාපල් වගාව ආරම්භ කරන ලදී.
ක‍්‍රි:ව: 1970 න් පසු ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන අල බෝගය බවට පත්වූ අර්තාපල්, මුලින්ම කªකර ප‍්‍රදේශවලට පමණක් සීමා වී තිබුනත් දැන් කල්පිටිය, යාපනය වැනි ප‍්‍රදේශවලත් ජනප‍්‍රිය බෝගයක් බවට පත්වී ඇත.
කඳ - Stem
කඳ, ධාවක, ආකන්ද යන ආකාර තුනම කඳක අඩංගු වෙයි. කඳ තනි කඳක් ලෙස පැමිණ එය අතුවලට බෙදෙයි. එක් පැළයක මොටියන් 1-9 දක්වා තිබෙන්නට පුළුවන්. මල් හටගන්නා කාලයේ උස අනුව කඳන් ආකාර 3 ට බෙදෙයි. එනම්,
  • මිටි45 cm ට අඩු,
  • මධ්‍යස්ථ 45-60 cm
  • උස 60cm ට වැඩි
කඳ හරස්කඩය රවුම් හෝ ෂඩාශ‍්‍රාකාර වේ. කඳ හරස්කඬේ කුඩා සිදුරක් තිබීමට හෝ නොතිබීමට පුළුවන.
කඳේ වර්ණයන්
  1. කොළ පමණක්
  2. රතු - දුඹුරු පමණක්
  3. දම්- පමණක්
  4. කොළ පාට කඳ, රතු දුඹුරු පැල්ලම්
  5. කොළ පාට කඳ, දම්පාට පැල්ලම්
  6. රතු පාට කඳ, දුඹුරු හා කොළ පැල්ලම්
  7. දම් පාට කඳ, කොළ පැල්ලම්
  8. කොළ කඳ රතු හෝ දම් තිත්
  9. රතු හෝ දම් පාට කඳ, කොළ තිත්
  10. වෙනත්
අංකුරය
ප‍්‍රධාන කොටස් 2 කි. අංකුර වර්ධනයට අර්තාපල් බීජ ගබඩාවේ තත්ත්වය බලපායි. පාදස්ථ කොටස පොළවෙන් යට පවතී. එයින් ධාවක හටගනී. ධාවක සමහරක් ආකන්ද බවට පත්වෙයි.

පත‍්‍ර

අර්තාපල් ශාකයේ ඇත්තේ සංයුක්ත පත‍්‍රයකි. එහි මැද නාරටියක් අඩංගුවේ. එය ද බහුල ලෙස පත‍්‍රිකාවලට බෙදී ඇත.
පත‍්‍රයේ පවතින රෝම ගතිය ප‍්‍රභේද අනුව වෙනස් විය හැක. පත‍්‍ර වෘන්තය කඳට සම්බන්ධ වී ඇති කෝණයේ ප‍්‍රමාණය, වෘන්තය දෙපැත්තෙන් ඇති කුඩා පත‍්‍ර දෙකේ ප‍්‍රමාණයන් හා එ්වායේ බාහිර පෙනුම ප‍්‍රභේද හªනාගැනීමට වැදගත් වේ. පත‍්‍ර සමමිතික හෝ අසමමිතික විය හැක. යම් ප‍්‍රභේදයක පත‍්‍රිකාවේ මැද නාරටියේ පාට වෙනස් නොවී පවතී.

ආකන්දය

මෙය වැඩි දියුණු වු කඳකි. එනම් ප‍්‍රමාණයෙන් විශාල වූ ධාවකයකි. සාමාන්‍ය කඳක මෙන් අංකුර/ඇස් මෙහි අඩංඟු වේ. ඒවා වලයාකාරව සැකසී ඇත. එක් ඇසක අංකුර එකක් හෝ කීපයක් තිබිය හැක. ආකන්දය ආහාර ගබඩා කරන අතර ප‍්‍රචාරණ ව්‍යුහයක් ලෙසත් ක‍්‍රියාකරයි.
හිරුඑළියට නිරාවරණයවී වර්ධනය වුවහොත් එය කොළ පැහැතිවී ප‍්‍රභාසංස්ලේෂණ ව්‍යුහයක් ලෙස ක‍්‍රියාකරයි. සමහර අවස්ථාවල පත‍්‍ර තුල නිපදවන අහාර පහළට ගමන් නොකිරීම නිසා ආකන්ද වර්ධනය නොවීමට ඉඩ ඇත. යම් රෝගයක් හෝ යාන්ත‍්‍රික හානියක් එයට හේතු විය හැක.
ආකන්දවල ලක්‍ෂණ අනුවද ප‍්‍රභේද හඳුනාගත හැක. එනම්,
  • ආකන්දයේ හැඩය
  • ඇස්වල ස්වභාවය
  • අලයේ ප‍්‍රමාණය
  • පොත්තේ ස්වභාවය
  • කඳට සම්බන්ධ වන ආකාරය වැනි ලක්ෂණ මෙහිදී සලකා බලයි.

ඩිසයරි
නුවරඑළිය, බදුල්ල, පුත්තලම හා යාපනය ප්‍රදේශ සදහා නිර්දේශ කර ඇත. මාස 03කින් අස්වනු නෙළාගත හැකි ප්‍රභේදයකි.

පිටත හැඩය
රවුම් සිට ඕවලාකාර
පිටත පැහැය
රතු පැහැතිය
ඇතුලත පැහැය
කහ මිශ්‍ර සුදු පැහැතිය
ඇස්වල ස්වභාවය
ගැඹුරු
මොටියේ ස්වභාවය
රතු දම් පැහැතියි, කෙදි බහුලව ඇත.

හිල්ස්ටාර්
මෑතකදී නිර්දේශ කරන ලද ප්‍රභේදයකි. පශ්චිම අංගමාර රෝගයට ඔරොත්තු දෙයි. මාස 3 1/2 අස්වනු ලබා දෙයි
පිටත හැඩය
දිගටි ඕවලාකාර
පිටත පැහැය
සුදු පාටය
ඇතුලත පැහැය
සුදු ක්‍රීම් පැහැතිය
ඇස්වල ස්වභාවය
මධ්‍යස්ථ
මොටියේ ස්වභාවය
දම් පැහැතියි, කෙදි අඩුයි.

රාජා
පිටත හැඩය
රවුම් සිට ඕවලාකාර
පිටත පැහැය
රතු පැහැතිය
ඇතුලත පැහැය
ක්‍රීම් පැහැතිය
ඇස්වල ස්වභාවය
මධ්‍යස්ථ

ලයිරා
පිටත හැඩය
දිගටි ඕවලාකාර
පිටත පැහැය
මධ්‍යස්ථ කහ
ඇතුලත පැහැය
ක්‍රීම් පැහැතිය
ඇස්වල ස්වභාවය
මධ්‍යස්ථ

ග්‍රැනෝලා
පිටත හැඩය
රවුම්
පිටත පැහැය
සුදු පැහැතිය
ඇතුලත පැහැය
ක්‍රීම් පැහැතිය
ඇස්වල ස්වභාවය
ගැඹුරු
මොටියේ ස්වභාවය
රතු මිශ්‍ර දම් පැහැතියි, කෙදි අඩුයි.

ඉස්නා
පිටත හැඩය
දිගටි ඕවලාකාර
පිටත පැහැය
සුදු පැහැතිය
ඇතුලත පැහැය
ක්‍රීම් පැහැතිය
ඇස්වල ස්වභාවය
මධ්‍යස්ථ
මොටියේ ස්වභාවය
දම් කොළ පැහැතියි, කෙදි අඩුයි.

සන්ටේ
පිටත හැඩය
ඕවලාකාර
පිටත පැහැය
මධ්‍යස්ථ කහ පැහැතිය
ඇතුලත පැහැය
ලා කහ පැහැතිය
ඇස්වල ස්වභාවය
මධ්‍යස්ථ
මොටියේ ස්වභාවය
ලා දම් පැහැතියි, කෙදි අඩුයි.

කොන්ඩෝර්
පිටත හැඩය
දිගටි ඕවලාකාර
පිටත පැහැය
රතු පාටය
ඇතුලත පැහැය
ලා කහ පැහැතිය
ඇස්වල ස්වභාවය
මධ්‍යස්ථ
මොටියේ ස්වභාවය
තද රතු පැහැතියි, කෙදි සාමාන්‍යයි.

වගාව සඳහා ඉඩම් සැකසීමේදි වල් මර්දනය සඳහා ග්ලයිෆෝසෙට් වල් නාශකය යොදාගැනේ. නමුත් වගාව ස්ථාපිත කළ පසු අර්තාපල් වගාවේ වල් මර්දනය ඉතා සරළය.
අර්තාපල් බීජ සිටුවා සති 2 දී පමණ, පස බුරුල්කිරීම ද සති 3-4 දී පමණ ගස් මුලට පස් එකතුකිරීමක් කළයුතු වේ. මේ අවස්ථාවේ දී , වල් පැළෑටි කුඩා කාලයේ දී ම උදැල්ලට කැපීයාම හා පසට යටවිම නිසා මර්දනය වේ.

සති 4 ක් වන විට අර්තාපල් ශාකය රිකිලි දමා වැඩෙන බැවින් , පස හොඳින් ආවරණය වේ. මේ නිසා වල් පැළෑටි වර්ධනය සීමාවේ. ඒ බැවින් බෝහෝ විට අර්තාපල් වගාවේ විශේෂිත වල් මර්දනයක් අවශ්‍ය නොවේ.

වල් නාශක භාවිතය

අර්තාපල් වගාවේ වල් මර්දනයට අර්තාපල් සිටවූ අවස්ථාවේදීම මෙට්ටි‍්‍රබියුෂන් (සෙන්කර්) වැනි රසායනික වල් නාශකයක් යෙදීම මඟින් වල් මර්දනය කළ හැකිය.

(අර්තාපල් වගාව 2 වන ලිපිය කියවන්න)

Comments