අඹ

ලෝකයේ අඹ නිෂ්පාදනය දෙස බලන විට ඉන්දියාව ප‍්‍රමුඛ ස්ථානය ලබා ගනියි. 1977 ලෝකයේ අඹ නිෂ්පාදනය ටොන් මිලියන 23 ක් වූ අතර, ඉන් 51% කට දායක වූයේ ඉන්දියාවයි. විශාල ප‍්‍රමාණයේ අඹ නිෂ්පාදනය කරන රටවල් අතර චීනය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, පකිස්ථානය, නයිජීරියාව, පිලිපීනය, චිලී, හයිටි යන රටවල් වැදගත් වේ.1999 – 2000 සංඛ්‍යාලේඛන වාර්තා අනුව ශී‍්‍ර ලංකාවේ අඹ ව්‍යාප්තිය හෙක්ටයාර 25780 ක් වූ අතර සම්පූර්ණ නිෂ්පාදිත ගෙඩි ප‍්‍රමාණය 431047000 ක් විය. මෙයින් 30% කට පමණ දායක වී ඇත්තේ කුරුණෑගල, මොණරාගල හා යාපනය යන දිස්ති‍්‍රක්කය.පලතුරක් ලෙස අඹ සඳහා ඉහත ආකාරයේ ඉහළ වටිනාකමක් තිබුණද, අලෙවි කිරීමේදී වෙළෙඳුන් මෙන් ම ගොවීන් මුහුණ දෙන ගැටලු රාශියකි. ශ්‍රී ලංකාවේ අඹ අස්වනු ගැන සැලකීමේදී වසරකට ප‍්‍රධාන වශයෙන් කන්න දෙකකදී, අස්වැන්න ලැබේ. එනම් මැයි – ජූනි දක්වාත් දෙසැම්බර් – ජනවාරි දක්වාත් කාලවලයි. මෙම කාලවල ලැබෙන්නා වූ අස්වනු කල් තබාගැනීමේ අපසුතාවය අවම ප‍්‍රමාණයක් ආශි‍්‍රත නිෂ්පාදන සැකසීම සඳහා යොදා ගැනීම වැනි හේතු නිසා නියම මිලකට තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වීම ආදී ගැටලු ඒ අතර ප‍්‍රධාන වේ.ශ්‍රී ලංකාවේ අඹ විශේෂ රාශියක් ඇත. මේවා අතරින් කොහු අඹ, වල් අඹ, මී අඹ, රට අඹ යන ප‍්‍රභේදයන්ට ඉදුණු විට ඇත්තේ අඩු වටිනාකමකි. මෙයට හේතුව මෙම අඹ විශේෂයෙන් ඉදුණු පසු ඉහත සඳහන් ආකර්ෂණීය වර්ණය හා රසය නොමැති වීමයි.කොහු අඹ – ඉදුනු පසු කෑමට අපහසු කෙඳි විශාල සෙල පැවතීම.වල් අඹ – ඉදුනු පසුත් අධික ඇඹුල් රසයකින් යුක්ත වීම.රට අඹ – ඉදුනු පසුත් ඒවායේ ආකර්ෂණීය වර්ණයක් ඇති නොවීම.අඹ අස්වනු නෙළීමේදී සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ හොඳින් පැසුනු ගෙඩි අතින් නෙළා ඉදුමට තැබීමයි. සම්ප‍්‍රදායික ලෙස අස්වනු නෙළීමට සුදුසු කාලය තීරණය කිරීමට ගොවීන් ගෙඩිවල හැඩය, ප‍්‍රමාණය, බාහිර වර්ණය හෝ ගසෙහි ගෙඩි කීපයක් ඉදී ඇති අවස්ථාව සැලකිල්ලට ගනී. තවද නෙළීම සඳහා අඹ කෙක්කක් භාවිතා කර තනි තනි ගෙඩි නෙළීම කරනු ලබයි. මෙහිදී අස්වැන්න නෙළීමේදී නොමේරූ ගෙඩි කැඩීමද සිදුවනු ඇත. මෙයද අඹ ගොවීන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවකි. පසු අස්වනු තාක්‍ෂණය නිවැරැදිව භාවිතා නොකිරීමෙන් උදා: ප‍්‍රවාහනයේදී 30% 40% ක් පමණ අපතේ යාමක් ද, නිවැරැදි මේරීමේ අවස්ථාවේ අස්වනු නෙළීම සිදුනොකිරීමෙන් නිෂ්පාදන සැකසුම්වලදී ප‍්‍රමිතිය පහළ බැසීම ආදී කරුණු ද හේතුවෙන් අස්වනු හානිවීම ඉතා ඉහළ අගයක් ගනී.විශේෂයෙන්ම අඹ, කෙසෙල් වැනි පලතුරු ඉදුණු පසු ගෙඩිවල පොත්තේ කුඩා ලප හටගන්නා අතර මේවා ඉදීමත් සමඟ ක‍්‍රමයෙන් වර්ධනය වී ගෙඩි ඉක්මනින් කුණු වීමට භාජනය වේ. මෙයට හේතුව පලතුරු ගෙඩි අමු අවස්ථාවේ අකී‍්‍රයව පවත්නා ඇන්ත‍්‍රැක්නෝස් රෝග කාරක දිලීරය ඉදීමත් සමඟ කි‍්‍රයාකාරීත්වය ඉහළ යාමයි. මෙම ආසාදනය සමහර අඹ විශේෂයන් අනුව වෙනස් වනු ඇත.මෙවැනි විවිධ ක‍්‍රම මගින් ගොවීනට මෙන් ම ව්‍යාපාරිකයන්ට මුහුණදීමට සිදුවන ගැටලු සඳහා කදිම විසඳුමක් ලෙස අමුු අඹ භාවිතයෙන් වටිනාකම එකතු කළ නිෂ්පාදන සැකසීම පිළිබඳ හඳුන්වාදීම මගින් ආර්ථික වාසි රැසක් ලබාගත හැකිවන බව ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකය මගින් හඳුනාගෙන ඇත.මෙම නිෂ්පාදන අතර අමු අඹ ක්ෂණික බීම ප‍්‍රධානත්වයෙහිලා සැලකෙනු ඇත. අමු අඹ ක්ෂණික බීම ඉන්දියාවේ සාම්ප‍්‍රදායික පානයක් වන අතර ඔවුන්් මේවා  ර්‍ථචදච ඕඥමඥපචඨඥඵ  නමින් හඳුන්වයි.අඹවල පෝෂණ ගුණය මෙන් ම සංයුතිය සැලකීමේදී එහි විශේෂය මෙන් ම මේරූ අවධිය යන කරුණු මත වෙනස්වනු ඇත. මෙය අමු අඹ හා ඉදුණු අඹ අතර වෙනස් වන්නාවූ ආකාරය පහත වගු නිරීක්‍ෂණයෙන් පැහැදිලි වේ. අමු අඹවල පෝෂණික අගය(ග‍්‍රෑම් 100 ක අඩංගු)සංයුතිය   ප‍්‍රමාණයතෙතමනය   90%පෙ‍්‍රීටීන   0.7%මේද   0.1%කාබෝහයිඩ්‍රේට්   8.8%කැල්සියම්   0.01%පොස්පරස්   0.02%යකඩ   මිලිග‍්‍රෑම් 4.5/ග‍්‍රෑම් 100කැරොටීන් (විටමින් ඒ)   1501 උ රයිබොප්ලේවීන්   මිලිග‍්‍රෑම් 0.003/ ග‍්‍රෑම් 100ඇස්කොබික් අම්ලය   මිලිග‍්‍රෑම් 3/ ග‍්‍රෑම් 100වගුව 02: අඹවල පෝෂණික අගය (ග‍්‍රෑම් 100 ක අඩංගු)සංයුතිය   ප‍්‍රමාණයජලය   81.0ශක්තිය   කැල්සියම් 74.0පෙ‍්‍රීටීන   ග‍්‍රෑම් 0.6මේද   ග‍්‍රෑම් 0.4කාබෝහයිඩ්‍රේට්   ග‍්‍රෑම් 16.9කැල්සියම්   14.0පොස්පරස්   මිලිග‍්‍රෑම් 16.0 කඩ   මිලිග‍්‍රෑම් 1.3කැරොටින් (විටමින් ඒ)   මිලිග‍්‍රෑම් 2.743තයමින්   මිලිග‍්‍රෑම් 0.008රයිබොප්ලේවින්   මිලිග‍්‍රෑම් 0.009විටමින් සී   මිලිග‍්‍රෑම් 16.0මූලාශ‍්‍රය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප‍්‍රකාශන (1997)

අමු අඹ ක්ෂණික බීම සැකසීම

ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට අනුව ක්ෂණික පලතුරු බීම   වල පහත තත්ත්වයන් කෙරේ සැලකිලිමත් විය යුතුය.සම්පූර්ණ ඝන ද්‍රව්‍ය ප‍්‍රමාණය 12 – 16 අතරපලතුරු ප‍්‍රමාණය අවම 5%සීනි ප‍්‍රමාණය අවම 5%සම්පූර්ණ ඇසිඩ් ප‍්‍රමාණය (උපරිම) 1%සංරක්‍ෂක  (ම්ර්ඉ/ ඉර්ඉ)  70 මි.ග‍්‍රෑ/ ලි.අමු අඹ භාවිතා කළද ඉහත තත්ත්වයනට අනුකූල වීමට කටයුතු කළ යුතුයි.ක‍්‍රමය: මේ සඳහා අපට කොහු අඹ, වල් අඹ වැනි වියදම අඩු විශේෂයන් භාවිතා කළ හැකිය. හොඳින් පැසී ඇති අවස්ථාවේ ඒවා නම් ඉතා යෝග්‍යයයි.පොතු සහ ඇට ඉවත් කොට කුඩා කැබලිවලට කපා පල්පය සාදා ගන්න. මේ සඳහා බ්ලෙන්ඩරයක් හෝ පල්ප යන්ත‍්‍රයක් භාවිතා කළ හැක. එය මස්ලින් රෙදි කැබැල්ලකින් පෙරා කෙඳි කොටස් ඉවත් කර යුෂ ලබාගන්න. සීනි සහ සිටි‍්‍රක් අම්ලය ජලයේ දිය කර, රත්කර පෙරා ගන්න. කලින්් සකසා ගත් අඹ යුෂවලට සීනි ද්‍රාවණය සෙමින් එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න. මිශ‍්‍රණය සෙ. ග්‍රෙ. 80 ක් පමණ වනතුරු රත් කරන්න. රත් කරගන්නා ලද අඹ බීම, ජීවානුහරණය කරන ලද බෝතල්වලට පුරවාගන්න. ඒවා ටින්වලද අසුරා තබා ගත හැකිය. මේවා හොඳින් සීල් කර සෙ. ග්‍රෙ. 70 – 80 උණු ජලයේ විනාඩි 30 ක් තම්බා ගන්න. කල්තබා ගැනීමට අවශ්‍ය නම්, ක්ෂණික බීම ලී. 1 ට  ඉර්ඉ  (සෝඩියම් මෙටාඩයිසල්ෆයිට්) ම්ර්ඉ  (පොටෑසියම් මෙටාබයිසල්ෆයිට්) මිලිග‍්‍රෑම් 90 ක් මිශ‍්‍ර කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:අමු අඹ පල්පය  කි. ග‍්‍රෑ. 01සුදු සීනි   ග‍්‍රෑ. 600සිටි‍්‍රක් ඇසිඩ්   ග‍්‍රෑ. 01ජලය   ලී. 2.5සෝඩියම් මෙටාබයිසල්ෆයිට් මි. ග‍්‍රෑ. 90අවශ්‍ය පරිදි කුළු බඩු (ගම්මිරිස්, සූදුරු, කරඳමුංගු) යන ද්‍රව්‍ය එකතු කිරීමෙන් විවිධ රසයෙන් හා සුවඳින් යුත් පානයක් සාදාගැනීම ද කළ හැකිය.

Comments