රඹුටන්



රඹුටන් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය පලතුරක්. රඹුටන් වාරේ වෙළෙඳ පොළ තුළ විදේශිකයන්ගෙන්ද මේ සඳහා හොඳ ඉල්ලුමක් පවතිනවා. ඇතැම් වාරවල ගෙඩියක් රුපියල් අටකටත් වඩා ඉහළ යන අවස්ථා දැකිය හැකියි. ඒත් මේ වගාව ආදායම් මාර්ගයක් හැටියට යොදාගන්නේ සීමිත පිරිසක්. රඹුටන් වගාවක් ක‍්‍රමානුකූලව කරන්නේ නම් ඉතාමත් පහසුවෙන් හොඳ ආදායම් මාර්ගයක් බවට පත්්කරගත හැකියි.

සැන්ඩේසි’ කුලයට අයත් වන රඹුටන් ගස උද්භිද විද්‍යාත්මක වහඳුන්වන්නේ ‘නෙෆලියම් ලප්පා සියමු’ (නෙපිහිලියුම් ලැප්කුසියුම්) නමිනි. මෙහි නිජබිම මලයාසියාව වුවද මේ වන විට අග්නිදිග ආසියාවේ තවත් රටවල් 140 ව්‍යාප්ත වී ඇත. 15 වන සියවසේ දී මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීිසීන්ගෙන් ලද දායාදයක් ලෙස රඹුටන් හඳුන්වයි.පැණි රඹුටන්වල් රඹුටන් කරත්ත රඹුටන් යනුවෙන් විවිධ නමින් හඳුන්වනු ලැබූූ රඹුටන් වර්තමානය වන විට ගුණාත්මක භාවය වර්ධනය වී මැලේසියන් රතු මැලයන් රතු  මැලේසියන් කහ මැලයන් කහ  මල්වාන විශේෂ  ආදී වශයෙන් බද්ධ රඹුටන් වර්ග කිහිපයක් ද ජාවා ලබුකබෝලා  ජාවා සින්ජන් ජානි ජාවා සිසිලස්ජාවා සින්ටිජාන් ආදී වශයෙන් ද රඹුටන් වර්ග කිහිපයක් ම ඇත.රඹුටන් දේශීය වෙළෙඳ පොළට මෙන් ම විදේශීීය වෙළෙඳ පොළට ද යැවීමට කටයුතු කිරීම අවශ්‍ය වන අතර ටින් කර අපනයනයට ද මග සැලසිය හැකිය. ජෑම් වර්ගකෝඩියල් වර්ගරඹුටන්වලින් නිෂ්පාදනය කළ හැකිය.විශේෂයෙන් ම රජයේ මැදිහත් වීමෙන් රඹුටන් වගාකරුවනට ද සහනාධාර ලබාදීමෙන් ඔවුන් දිරිමත් කිරීමෙන් ද ඊට සරිලන හොඳ වෙළෙඳ පොළක් සකස් කර දීමෙන් ද රටේ ආර්ථිකයට පිටුවහලක් ලබාගත හැකිය.ව්‍යාපාරයක් වශයෙන් රඹුටන් වගාවක් කරන්නේ නම් රඹුටන් පැළ තවානක් සකස් කර ගැනීම පිළිබඳ අවබෝධයක් වැදගත්වේ.බද්ධ රඹුටන් පැළ තවානක් ආරම්භ කිරීමේ දී කරුණු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුකළ යුතුය. ඉන් ප‍්‍රධාන කරුණ නම් බද්ධ පැළ සඳහා පවතින වර්තමාන ඉල්ලුම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමය. තවාන සුළු පරිමාණයෙන් ආරම්භ කර පසුව ක‍්‍රමයෙන්නිෂ්පාදිත පැළ ප‍්‍රමාණය වැඩි කිරීම හොඳම ක‍්‍රමය වේ. එසේ කිරීමෙන් පැළ තවානක් කෙරෙහි ගැනුම්කරුවන්ගේ විශ්වාසය තහවුරු වේ. මෙම විශ්වාසය ක‍්‍රමයෙන් ගොඩනැගිය යුතුය.සුදුසු ස්ථානයක් තෝරා ගැනීම තවානේ සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුවකි. වර්ෂය පුරාම ජලය හොඳින් තිබිය යුතු අතර වියලි කාලගුණයක් පවතින කාලවල දී ද ජලසම්පාදනය කර හෝ ජලය සපයා ගැනීමට අවශ්‍ය වේ. විශේෂයෙන් ම තවාන් පැළ වලට කාබනික පොහොර අත්‍යවශ්‍ය වෙයි.

පස සකසා ගැනීමපස ගැන සැලකිලිමත් වීම ද අවශ්‍ය වේ. තවාන්භූමියේ පස් සමහර විට සුදුසු නොවන්නේ නම් වෙනත් සුදුසු ස්ථානයකින් පස් සපයා ගැනීම කළ හැකිය. කොළ රොඩු දිරා ගිය ගස්යට වූ කාබනික ද්‍රව්‍ය අධිකව මතුපිට පස් අඟල් 1 - 2 ක් ගැඹුරට සුරාගත් පස් යොදා ගත යුතුය. රඹුටන් බීජවලට සමහර අවස්ථාවල දිලීර ආසාදන පැතිරිය හැකි බැවින් පස් ජීවානුහරණය කළ හැකි නම් එය ආරක්‍ෂාකාරීවේ. මේ සඳහා මෙම තවාන් මිශ‍්‍රනය වාෂ්පයෙන් තැම්බීමෙන්් හෝ අධික උෂ්ණත්වයට භාජනය කිරීමෙන් හෝ නාශක වර්ගයක් භාවිතා කිරීමෙන් කළ හැකිය.

බීජ තෝරා ගැනීමපැල තවාන නඩත්තු කිරීමේ දී සූර්යාලෝකය විවිධප‍්‍රමාණයෙන් අවශ්‍ය වෙයි. තවානේ කොටසකට හොඳින් සූර්යාලෝකය ලැබීම ද කොටසකට මද සුර්යාලෝකය ද කොටසකට සෙවන සහිත වීමද අවශ්‍ය වේ. මෙම සෙවන සහිත කොටස කෘති‍්‍රමව හෝ ස්වාභාවිකව නිර්මාණය කරගත හැකිය. ඒ සඳහා දැල් ගෘහපෙ‍්‍රපගේටර් හෝ ගස් හෝ වැල් මගින් ඇති කරනු ලබන සෙවණ වශයෙන් යොදා ගත හැකිය.බද්ධ රඹුටන් පැළ තවානක් ආරම්භ කිරීමේ දී රඹුටන් බීජ තෝරාගැනීමප‍්‍රරෝහනය කරගැනීම,වැලිතවාන් අනුජ තෝරා ගැනීම හා බද්ධ කිරීමවැලි තවාන් ක‍්‍රමය බඳුන් මිශ‍්‍රනය හා බදුන් පිරවීම ආදි දේ පිළිබඳව විශේෂ දැනුමක් තිබිය යුතුය.ග‍්‍රාහක පැළ සඳහා බීජ තෝරා ගැනීමේ දී බීජ ලබාගත් ශාකයේගුණාත්මය පිළිබඳ එතරම් සැලකිලිමත් නොවුනත් සෑම විටම විශාල බීජ සහිත ශාකයකින් බීජ ලබාගත යුතුය. එම බීජවලින් දිරිමත් නිරෝගීී පැළයක් ලබාගත හැකිය.මෙම බීජ ලබා ගැනීම සඳහා මව්ශාක වවාගැනීම ඉතාම ප‍්‍රයෝජනවත් වේ. එහි දී උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුත් විවිධ දියුණු කළ ප‍්‍රභේදවල මව් ශාක වවාගැනීම අවශ්‍යය. තවානක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ දීඅනුජ ලබාගන්නා මව් ශාක පිළිබඳව ද සලකා බලන අතර පලතුරු පැළ සඳහා දෙපාර්තමේන්තු ප‍්‍රමිති සහතිකය (ලේබලය) යෙදීමේ දී බද්ධ අංකූර ගත් ස්ථානය සලකා බලනු ලැබේ. බද්ධ අංකූර ගත් මව්ශාක කෘෂි දෙපාර්තමේන්තුව අනුමත කළ මව් ශාක උද්‍යානයකින් ලබාගත් බවට සහතිකයක් තිබිය යුතුය.මේ ආකාරයෙන් ලබාගත් ගෙඩිවල මදය කූඩයක් වැනි භාජනයක අතුල්ලා ඉවත් කර පසුව පැය 24 ක පමණ කාලයක් මද පවනේ වියළීමට හැර කැප්ටාන් වැනි දිලීර නාශකයක් බීජවල හොඳින් ගල්වා තවාන් කරන්න.


වැලි තවාන් ක‍්‍රමයවැලි තවාන් ක‍්‍රමයේ දී අඩි 03 ක් පමණ පළල අවශ්‍ය ප‍්‍රමාණයට දිග සහ අගල් 6 - 8 ක් ඝනකමට වැලි පිරවිය හැකි ලෙසටතවාන සකසා ගත යුතුය. මෙම වැලි ගංගා වැලි නම් වඩාත් සුදුසුය. මෙම තවානේ පැළවල පත‍්‍ර කොළ පැහැයට හැරෙන විට බඳුන්වල සිටුවිය යුතුය. මෙම බඳුන් මිශ‍්‍රනය හා පිරවීම වඩාත් වැදගත්ය. මෙම මිශ‍්‍රනය සඳහා මතුපිට පස් කොටස් 01 ක් කොම්පෝස්ට් පොහොර කොටස් 01 ක් සහ ගංගා වැලි කොටස් 1/2 ගෙන මිශ‍්‍රකළ යුතුය. කෙසේ වෙතත් මෙහිදී මතුපිට පස්වල ස්වභාවය අනුව එකතු කරන වැලිප‍්‍රමාණය අඩුවැඩි කරගත හැකිය. බදුන් සෑදීම සඳහා ගේජ් 300 කලු පොලිතීන් යොදා ගත යුතු අතර බඳුනක උස අගල් 11 - 12 පමණ විය යුතු අතර අගල් 08 ක් පමණ පළල විය යුතුය. මෙම බදුන් සඳහා ඉහත පස් මිශ‍්‍රනයෙන් පුරවා ගත යුතුය. පැළ සිටුවා මාස 8 - 12 ක කාලයක් තුළ පැළය බද්ධ කිරීමේ සුදුසු තත්ත්වයට පත්කර ගත හැකිය.

බද්ධ කිරීමඅනුජය තෝරා ගැනීම හා බද්ධ කිරීම ඉතාමත් වැදගත්කාර්යයක් වේ. විශේෂයෙන් රඹුටන් බද්ධ කිරීමේ දී කාලගුණ තත්ත්වයේ බලපෑමක් ඇත. එනම් අධික වියළි කාලවල දී බද්ධ කිරීමේ සාර්ථකත්වයේ ප‍්‍රතිශතය අඩුය. අනුජයෙහි හා ග‍්‍රාහකයෙහි පොතු ගැලවීම ඉතාමත් හොඳින් සිදුවිය යුතුය. අධික වියලි කාලවල දී පොතු ගැලවීම අපහසුය. සාමාන්‍යයෙන් රඹුටන් මව්ශාකවල ගෙඩි හටගෙන මෝරා ඇති අවස්ථාවල පොතු ගැලවීම සිදුනොවේ. ශාකයට නිසි ආකාරව ජලය හා පෝෂක නොලැබේ නම් පොතු ගැලවීම අපහසුය. ග‍්‍රාහක ශාකවලට ද මෙම තත්ත්වය බලපානු ලැබේ. බද්ධය වැඩි ප‍්‍රතිශතයකින් සාර්ථක වීමට නම් ග‍්‍රාහකය හා අනුජය යන කොටස් දෙකෙහිම ඉතා හොඳින් පොතු ගැලවීම සිදුවිය යුතුය. අඩ දළ දඩු පත‍්‍රහැලුන ස්ථානවලින් අංකූර ගැනීම සිදුවේ. සති දෙකකට පෙර පත‍්‍ර ඉවත් කිරීමෙන් ද අංකූර සුදානම් කළ හැකිය.

පැළැස්තර බද්ධයග‍්‍රාහකය පැන්සලක් තරම් මහත් වු විට පොළොවමට්ටමේ සිට අඟල් 6 - 8 ක්් ඉහළින් පැලැස්තර බද්ධය බහුල වශයෙන් සිදු කරයි. බද්ධය සිදුකර සති 03 කදී පොලිතීන් පටිය විවෘත කර බද්ධය සාර්ථක වී ඇත්නම් ඉන් සතියකට පමණ පසු බද්ධ සන්ධියේ සිට අගල් 02 ක් ඉහළින් ග‍්‍රාහකයේ උඩ කොටස ඉවත් කළ යුතුය. මෙම කැපුම් ස්ථානයේ දිලීර නාශකයක් ආලේප කළ යුතුය. බද්ධය සාර්ථක වීම සඳහා බද්ධකරුගේ ප‍්‍රවීනත්වය බෙහෙවින් බලපානු ඇත.ග‍්‍රාහකයේ ඉහළ කොටස ඉවත් කර සති 02 ක් පමණ වූ විට අංකූරය වර්ධනය වීම ආරම්භ වේ. ග‍්‍රාහකයෙ වෙනත් ස්ථානවලින් හටගන්නා රිකිලි කඩා ඉවත් කළ යුතුය. බද්ධ අංකූරයෙන් ද එක් ශාඛාවක් පමණක් වර්ධනය වීමට ඉඩහැරිය යුතුයි. බද්ධ රිකිල්ල අඩි 1 - 2 ක් පමණ උස් වූ විට අලෙවිය සඳහා සුදුසුය. අලෙවියට පෙර පැළ හිරුඑළියට හුරු කිරීම කළයුතුය.මේ කාර්යයේදී පුහුණු කම්කරු ශ‍්‍රමය හා ප‍්‍රවාහන පහසුකම් ඉතාම වැදගත්වේ. නුපුහුණු කම්කරුවන් නම් සති කිහිපයක් විශේෂ කාර්යයන් සඳහා පුහුණුකර වැඩට යෙදිය යුතුය. පොලිතීන් බදුන් සැකසීමපස් මිශ‍්‍රනය පිළියෙල කිරීමබදුන් පිරවීම,බද්ධ කිරීම පොහොරයෙදීම හා ජලය සැපයීම සඳහා පුහුණු ශ‍්‍රමය අවශ්‍ය වේ.තවානට අවශ්‍ය යෙදවුම් ප‍්‍රවාහනයට ද තවානේ නිෂ්පාදන අලෙවිය සඳහා ද හොඳ ප‍්‍රවාහන මාර්ග තිබීම අත්‍යවශ්‍යකරුණකි.මෙම කරුණු ප‍්‍රයෝජනයට ගැනීමෙන් ඔබට හොඳ ආදායම් මාර්ගයක් ලබාගත හැකි ක‍්‍රමානුකූල සකස් කරන ලද බද්ධ පැළ තවානක් සකස් කර ගත හැකියැයි අපි විශ්වාස කරමු.

Comments