අතිරේක භෝගයක් ලෙස ගම්මිරිස් වගාකරමු

තෙත් කලාපයේ පොල් ඉඩම්වල වගා කළ හැකි වඩා ලාභදායී අතුරු බෝගයකිගම්මිරිස්. මෙය වසර 20 කට වඩා වැඩි කාලයක් ඵලදාව ලබාගත හැකි බහු වාර්ශික අතුරු බෝගයකි. බෝගයක් ලෙස ක්ෂේත‍්‍රයේ ස්ථාපනය කිරීමෙන් පසු එය නඩත්තු කරගෙන යාම පහසු කටයුත්තකි.

ගම්මිරිස් වගාව සඳහා සුදුසු ප‍්‍රදේශ සහ පසතෙත් සහ තෙත් අතරමැදි කලාපවල පිහිටි කොළඹගම්පහකෑගල්ලකළුතරගාල්ලමාතර,මාතලේකුරුණෑගල සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක අයත් පොල් ඉඩම් ගම්මිරිස් අතුරු බෝගයක් ලෙස වගා කිරීම වඩාත් යෝග්‍ය වේ. ගම්මිරිස් වගා කිරීම සඳහා ගැඹුරු සහ හොඳින් ජලය රඳවා ගැනීමේ හැකියාවක් ඇති පසක් සුදුසුය. ජලය රඳවා ගැනීමේ හැකියාව ඉතාදුර්වල වැලි සහිත පස් මෙන් ම පහසුවෙන් ජලය බැස නොයන තද මැටි සහිත පසද ගම්මිරිස් වගාව සඳහා යෝග්‍ය නොවේ.ගැඹුරු ඉතා හොඳ ජලවහනයක් ඇති කාබනික ද්‍රව්‍ය අඩංගු ලෝම පස මේ සඳහා වඩා යෝග්‍ය වේ. පොල් වගාවක බිම් ප‍්‍රදේශයට ප‍්‍රමාණවත් ලෙස හිරුඑළිය ලබා ගැනීම සඳහා වගාවේ වයස අවම වශයෙන් වසර 15 ක් වත් විය යුතුය. නමුත් නිවැරැදි පරතරයක් සහිතව නිවැරැදි ක‍්‍රමයට ගම්මිරිස්සිටුවන්නේ නම් පොල් යටි වගාවක වුවද සිටුවිය හැකිය.

සුදුසු ප‍්‍රභේද සහ රෝපණ ද්‍රව්‍යහඳුන්වා දෙන ලද පැන්යුර් සහ කුචිං යනප‍්‍රභේදයන් පොල් ඉඩම්වල වගාව සඳහා නිර්දේශ කොට ඇත. නමුත් පැන්යුර් - නැමැති ප‍්‍රභේද පොල් වගාකරුවන් අතර වඩාත් ජනපි‍්‍රයය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත තෝරාගත් වැඩි අස්වනු ලබාදෙන රෝපණ ද්‍රව්‍යයන් ද වගාකිරීම සඳහා සුදුසුය.අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද තවාන්වලින් රෝපණ ද්‍රව්‍ය ලබාගත හැකි ය. ක්ෂේත‍්‍රයේ සිටුවීමසඳහා පත‍්‍ර 3–4 ක් සහිත පොලිතින් මලුවල තවාන් කළ පැළ වඩා සුදුසු ය. මවු ශාඛ තෝරා ගැනීමකින් තොරව සාමාන්‍ය වැල්වලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය සිටුවීමෙන් ඉහළ අස්වැන්නක් බලාපොරොත්තු වීමට හැකියාවක් නැත.

ගම්මිරිස් පැළ සිටුවීමපොල් වගාව සමඟ ඇතිවිය හැකි තරගය අවම කිරීම සඳහා ගම්මිරිස් පැළ අවම වශයෙන් පොල්ගස්වල සිට මීටර් 2.5ක දුරින්වත් සිටුවිය යුතුය. ගම්මිරිස් පැළ සිටුවන පේළි නැගෙනහිර හා බටහිර දිශාවට යොමුවන පරිදි තිබීම වඩාත් යෝග්‍ය වේ. පොල් පේළි දෙකක් අතර ගම්මිරිස් පැළ පේළි දෙකක් සිටුවනු ලැබේ. යාබද ගම්මිරිස් පැළ පේළි දෙකක් අතර පරතරය මීටර් ක් විය යුතුය. ති‍්‍රකෝණාකාර ක‍්‍රමයට ඒවා සිටුවිය යුතුය. පේළිය තුළ පැළ දෙකක් අතර පරතරය මීටර කි. යල කන්නයේ මෝසම් වැසි ආරම්භයත් සමඟ පැළ සිටුවීම කළයුතු වේ. පැළ මියයාමේ අවදානම වැඩි හෙයින් මහා කන්නයේ පැළ සිටුවීම නොකළ යුතුය. පැළ සිටුවන වලක ප‍්‍රමාණය අඩි 2*2*2 විය යුතුය. මෙම වලවල් පැළ සිටුවීමට පෙර වියළි ගොම පොහොර සහ සැපොස් පොස්පේට් ග්øම් 60 ක් සමඟ මිශ‍්‍ර කර මතුපිට පස්වලින් පිරවිය යුතුය. සිටුවීමෙන් පසු එම පැළ කෙළින්ම හිරුඑළියට නිරාවරණය වීම වැළැක්විය යුතුවේ. වල් පැළ වීසි ගැසීමෙන් එකතු කරන ලද පැළෑටි කොටස්වලින් හෝ පොල්ලෙලිවලින් වසුන් කිරීම යෝග්‍ය වේ.

ගම්මිරිස් පැළ සඳහා  ආධාරක සිටුවීමහොඳ වර්ධනයක් සහ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ගම්මිරිස්වලට ආධාරක සිටුවීම වැදගත්ය. මේ සඳහා කොන්කී‍්‍රට්වලින් සාදන ලද කණු හෝ ග්ලිරිසීඩියා වැනි ජීව ආධාරක ද යොදාගත හැකිය. කොන්කී‍්‍රට් ආධාරක යෙදීමෙන් සාපේක්ෂව හොඳ අස්වැන්නක් ලබාගත හැකි නමුත් ඒවා මිල අධිකය.එබැවින් ජීව ආධාරක සිටුවීම වඩා ජනපි‍්‍රය ය. මීටර 3 ක පමණ දිග සහ සෙ.මී. 2.5 ක පමණ විශ්කම්භයක් සහිත මෝරන ලද ග්ලිරිසීඩියා දඬු කැබලි ගම්මිරිස් පැළයේ සිට සෙ.මී. 30 ක් පමණ දුරින් සිටුවිය යුතුය. සිටුවන ලද ග්ලිරිසීඩියා දඬුවල ඉහළ කෙළවර පිහිටි කැපුම් මුහුණත මත තෙත මැටි සහිත පස් ස්වල්පයක් රඳවා පොලිතින් කැබැල්ලක ආධාරයෙන් බැඳ තැබීමෙන් දඬු ඉක්මනින් පැළ වේ. වඩා හොඳප‍්‍රරෝහනයක් බලාපොරොත්තු විය හැකිය. ජීව ආධාරක සිටුවීම කළ යුත්තේ ගම්මිරිස් පැළ සිටුවීමට පෙර ලැබෙන මෝසම් වැසි සමයේදීය. ග්ලිරිසීඩියා වල වර්ධනය පාලනය කිරීම සඳහා වැසි කාලයේදී ඒවා කප්පාදු කළයුතුය. කෙසේ වුවත් කප්පාදුවෙන් පසු නැවත දළු ලා වැවී යථා තත්ත්වයට පත්වීම සඳහා ග්ලිරිසීඩියා පඳුරුවල කුඩා අතු කැබලික් හෝ ක් ඉතිරි වන සේ කප්පාදු කළ යුතුවේ. කප්පාදුවෙන් පසු නිතරම එක් අතු කැබැල්ලක් පමණක් වර්ධනයට ඉඩදිය යුතුය.

පොහොර යෙදීමපොල්වලට අමතරව ගම්මිරිස් සඳහා ද පොහොර යෙදීම ඉතා වැදගත්ය. පහත සඳහන් පොහොර මිශ‍්‍රණය ගම්මිරිස් සඳහා නිර්දේශ කොට ඇත. මෙම මිශ‍්‍රණය සාදා බොහෝ කලක් ගබඩා කොට තබා ගත නොහැකි බැවින් එය සාදා ගත යුත්තේ භාවිතයටස්වල්ප වේලාවකට පෙරය.
යුරියා (46%)                  බර අනුව කොටස් 4සැපොස් පොස්පේට්(28%)           බර අනුව කොටස් 5මියුරියේට් ඔෆ් පොටෑස් (60%)      බරඅනුව කොටස් 3කීසරයිට් (24%)                   බර අනුව කොටස් 1

ගම්මිරිස් පැළ සිටුවා මාස හයකට පසු ඉහත මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 125 ක්පැළයකට යෙදිය යුතුය. එතැන් සිට හය මාසයකට පසු තවත් ග‍්‍රෑම් 125යෙදිය යුතුවේ. දෙවන වසරේදී සහ තෙවන වසරේදී පිළිවෙළින් ග‍්‍රෑම්500 සහ ග‍්‍රෑම් 700 ප‍්‍රමාණවලින් හරි අඩක් මාස හයකට වතාවක් යෙදිය යුතුය. පොහොර යෙදීම කළ යුත්තේ පස තෙත්ව ඇති අවස්ථාවේ සහ තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි අවස්ථාවේය. ගම්මිරිස් පොහොර සඳහා ඉතා හොඳින් ප‍්‍රතිචාර දක්වන බෝගයක් බැවින් හැකි සෑමවිටම කොටස් වශයෙන් පොහොර යෙදීම වඩා යෝග්‍ය වේ. පොහොර යෙදූ පසුව මුල්ලුවක් ආධාරයෙන් පොහොර හොඳින් පස් සමඟ මිශ‍්‍ර කිරීම කළයුතු අතරහොඳින් වසුන් කළයුතුය.

ගම්මිරිස් වැල් කප්පාදු කිරීම සිටුවන ලද ගම්මිරිස් පැළයේ පත‍්‍රසංඛ්‍යාව 8-10 තෙත් වර්ධනය වූ පසු ඉන් පහතින්ම පිහිටි පත‍්‍ර 03 හැර අනෙක් පත‍්‍ර සියල්ල ඉවත් කරන්න . සතියකට පසු වැසි කාලයේදී පත‍්‍ර නොමැති කඳ කොටස කපා ඉවත් කරන්න. මෙමඟින් අලුතෙන් වර්ධක කඳන් ක් හෝ ක් ඇතිවීම ඉක්මන් කරයි. මෙලෙස අලුතින් හටගන්නා වර්ධක කඳන්වලද පත‍්‍ර සංඛ්‍යාව 8- 10 තෙත් වර්ධනය වූ පසු කලින් මෙන් පහළින් පිහිටි පත‍්‍ර 3 ක් හැර ඉතිරි සියල්ල ඉවත්කරන්න. සතියකට පසු නව වර්ධක කඳන්වල පත‍්‍ර රහිත කඳ කොටස් කප්පාදු කරන්න. මෙමඟින් තවදුරටත් වර්ධක කඳන් වර්ධනය කර ගැනීමට හැකිවේ. අවසානයේ එක ගම්මිරිස් වැළක අතු සංඛ්‍යාව 7-9 ක් තෙක් වර්ධනය වේ.

අස්වනු නෙලීම සහ සැකසීමහොඳින් පාලනය කරන ගම්මිරිස් වගාවක් වසර 2-3 ක් ඇතුළත පල දරයි. වගාවෙන් අස්වැන්න නෙළාගත යුත්තේ නොවැම්බර් සිට ජනවාරි මාසවලය. වානිජ මට්ටමින් නිෂ්පාදනයේදී කළු ගම්මිරිස් නිෂ්පාදනය වඩා ජනපි‍්‍රය සහ පහසු බැවින් හොඳින් පැසුණුඑහෙත් නොඉදුණු කොළ පැහැති ඇට සහිත ගම්මිරිස් කරල් වැල්වලින් නෙළාගත යුතුය. අස්වනු නෙළීම ළපටි අතුවලට හානි පත් නොවන පරිදි ප‍්‍රවේශමෙන් කළ යුතුවේ. කළු ගම්මිරිස් නෙළා ගැනීම සඳහා වඩාත් සුදුසු අවස්ථාව වනුයේ ගම්මිරිස් කරල්වල ඇට කීහිපයක් පමණක් ඉදී ඇති අවස්ථාවයි. නෙළාගත් කරල් කාමරයක් තුළ දින 1-2ක පමණ කාලයක් ගොඩ ගසා තැබිය යුතුය. ඉන්පසු ගම්මිරිස් කරල්වලින් ඇට වෙන් කර ගැනීම සඳහා ගම්මිරිස් කරල් කකුල්වලින් පෑගිය යුතුය. ඉන්පසු ගම්මිරිස් ඇට කළු ගම්මිරිස් නිෂ්පාදනය සඳහාඅව්වේ වේලාගනු ලබයි. හොඳින් නඩත්තු කරනු ලබන වසර ක් වයසැති ගම්මිරිස් වැළකින් වසරකට සැකසූ කළු ගම්මිරිස් කි. ග‍්‍රෑම් 1.5-2.0 දක්වා අස්වැන්නක් ලබාගත හැකිය.

Comments